2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පණතෙහි ඇතිවිය යුතු වෙනස්කම්
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පණතෙහි ඇතිවිය යුතු යැයි මා යෝජනා කරන වෙනස්කම්
අනාදිමත් කාලයක සිට දැඩි සංස්කෘතික වටපිටාවක් සහිත පැවතගෙන එන රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකිය හැකි නමුත් ලෝකය සංකීර්ණ වනවිට එහි වක්‍ර බලපෑම ගෘහයටද එල්ල වූ අතර ගෘහයේ ජිවත් වන සෑම කෙනෙක්ටම ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමිව ජීවිතය ගත කිරීම වෙනුවෙන් අවශ්‍ය නිදහස් පරිසරය නිර්මාණය කිරීම වස 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පණත එළි දැක්විය . ශ්‍රී ලංකාව යනු දැඩි සංස්කෘතික වටපිටාවක්
සහිත සමාජයක් තිබෙන රටක් වන අතර එහි පවුල,ගෘහය යන සංකල්පයට හිමිවන්නේද සුවිශේෂී තත්වයකි.
එවැනි විශේෂිතත්වයක් ගෘහයට/පවුලට ලබාදී තිබුණු අතර අතීත ලාංකික
පවුල මානව දයාවෙන් යුතු කණ්ඩායමක් ලෙස සැලකුවද විවිධ ආර්ථික හා සමාජීය කරුණු මත
පදනම්ව සමාජය සංකීරණ වනවිට ගෘහය තුල සාමාජිකයන් අතර ප්‍රචණ්ඩත්වය වර්ධනය විය.එහි
එක් අවස්තාවක කාන්තා සංවිධාන හා සිවිල් කණ්ඩායම් වල දැඩි පරිශ්‍රමයකින් පසු මෙම
ගෘහස්ථ හිංසනය පිළිබඳව පණත සම්මත වූ නමුත් පවුල යන සංකල්පය අතිශයින්ම පුද්ගලික
කරුණක් බවත් මෙසේ නිතිය ඒ සඳහා බලාත්මක කිරීම තුළින් පවුල් ඒකකයේ පැවැත්මට හානිකර
තත්වයක් ඇතිවන බවත් ඇතැම් පාර්ශව මෙම පණත සම්මත කිරීමට පෙර සඳහන් කරන ලදි. කෙසේ
වුවද සියල්ලටම ප්‍රථමයෙන් මෙම පණතෙහි ගෘහස්ථ හිංසනය කායික,මානසික ලෙස වර්ග කිරීම්
කලද ඒ පිළිබඳව පැහැදිළි අර්ථකතනයක් සපයා නොමැති අතර මෙම පනත
හරහා ආරක්ෂාව ලබාගත හැකිවන්නේ කාන්තාවන්ට පමණක් නම් නොවන අතර ගෘහය තුළ පවුල නමැති
ආයතනය තුළ සිටින සියලුම පුද්ගලයන් සඳහා මෙම පනත හරහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ
හැකියාවක් පවතී. එපමණක් නොව විවාහයකින් පරිබාහිරව එකට වාසය කරනු ලබන සහකාරියට හෝ
සහකරුට මෙම පනත හරහා ප්‍රතිකර්ම ලබා ගැනීමේ හැකියාව පවතී.
ගෘහයෙහි වාසය කරන සියළුම පුද්ගලයන් කායික,වාචික,මානසික,ලිංගික ආදී ලෙස පිඩනයට පත්කළ විට හේතුවෙන් මෙහි නීතිමය ප්‍රතිපාදන ලබාගත හැකි වුවත් මානසික හිංසනය,ලිංගික හිංසනය ආදී තත්වයන් තුල ඒවා නිවැරදිව අර්ථ විග්‍රහ කරන සීමාවන් පිළිබඳව ගැටළුවක් පවතී.අනෙක් අතට යුධමය හෝ සිවිල් කොලහාලයක්,වසංගතයක් පවතින තතාවකදී මිනිසුන්ගේ මානසික තත්වයන් වෙනස් වනවිට ඊට අනුරූපව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පැමිණිලි ඉහල යන අතර 2021 ජාතික ළමාරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව එම වසරේ
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී පැමිණිලි 33% කින් ඉහළගොස් ඇත.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව මෙම පණත ගෙන ඒමේ මූලික අරමුණ කාන්තාවන්ට මෙන්ම ළමයින්ට එරෙහි ගෘහය තුල එල්ලවන පීඩනය අවම කිරීම හා අදාළ විත්තිකරුවන්ට නිතිය ක්‍රියාත්ම කිරීමයි.නමුත් ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධව ලැබෙන පැමිණිලි මෙන්ම විවිධ රාජ්‍ය නොවන සංවිධාන වලින් කරන ලද සමීක්ෂණ විමර්ශනය කිරීමෙන් අනාවරණය වන්නේ 2005 මෙම පණත ගෙන එමෙන් පසුවත් වේගයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිද්ධි වාර්තා වන ප්‍රමාණය වැඩි වී ඇත.මෙම පණතෙහි
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට පැහැදිළි අර්ථනිරුපනය ලබාදී නොමැති අතර එබැවින් ,පළමුව
අන්තර්ජාතික නිර්දේශයන්ට අනුව පැහැදිළිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිර්වචනය කිරීම
වැදගත් වේ.
නිතිය හෝ අණපනත් තිබිය යුත්තේ හැකි උපරිමයෙන් මහජනාතාවට උසස්
ජිවන තත්වයක් ළඟා කරවීම සහ සැමගේ සතුට වෙනුවෙනි.සාමාන්‍යයෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
පිළිබඳව වැඩි ප්‍රමාණය පැමිණිලි සහ චෝදනා පැමිණෙන්නේ කාන්තාවන්ගෙන් පිරිමි
පාර්ශවය්න් වෙතය .මෙහිදී ද යම් ගැටළුවක් නිර්මාණය වන අතර වින්දිතයා බොහෝවිට
කාන්තාව හෝ ළමයා වන අතර චුදිතයා පිරිමි පාර්ශවය මෙන්ම ගෘහ මුලිකයා වේ.වින්දිතයාගේ පැමිණිල්ලේ ස්වභාවය අනුව චුදිතයාට එරෙහිව අතුරු
තහනම් නියෝගයක් හෝ අතුරු ආරක්ෂක නියෝගයක් ලබා ගැනීම තුල එම චුදිතයාට ඒ
වින්දිතයන්ගෙන් දුරස් වී සිටීමට සිදු වේ.ඒ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව නීතියේ
සඳහන් වේ.
බෝහෝ විට මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නඩුව ගොනු වන්නේ පිරිමි
පාර්ශවයට විරුද්ධව වන අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සමාජ ක්‍රමය අනුව 90% ක ප්‍රතිශතයක්
පිරිමින් ගෘහ මූලිකත්වය දරමින් නිවාස ඉදිකරමින් තම පවුලේ අවශ්‍යතා සොයා බලයි.නමුත්
යම්කිසි අවස්තාවක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයක් සම්බන්ධ චෝදනාවකදී වැරදිකරු නොවුණත්,සැකකරුවෙක් වුවද තම අතුරු ආරක්ෂක නියෝගයක් වින්දිත පාර්ශවය
විසින් ගතහොත් තාම විසින් නිර්මාණය කරන ලද නිවසට පවා යෑමේ නොහැකියාවක් මතුවිය හැකි
අතර එය පිරිමි පාර්ශවයේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසද දැක්විය හැකිය
ඔහුට තමන්ගේ දෙයක් ලබාගැනිමටවත් තම නිවසට යාමට නොහැකි අතර එසේ ගියහොත් එය උසාවි
නියෝග කඩකිරීමක් වේ.
කෙසේ වුවද 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පණතට අනූව ගෘහස්ථ හිංසනය හා බැඳී කාන්තා අයිතීන්
උල්ලංඝනය වීම් වලට එහා ගිය විශාල ආරක්ෂාවක් සපයයි.ගෘහය තුල අසරණ වන දරුවන්ට
කාන්තාවන්ට නීතිමය රැකවරණය උදෙසා මෙම පණත අතිශයින්ම වැදගත් නමුත් අප නීතිමය හෝ
සදාචාරාත්මක අතින් උත්සහ කලයුත්තේ පවුලක පැවැත්ම තහවරු කිරීම වෙනුවෙනි.මා සිතන
ආකාරයට මෙම ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන
වින්දිතයන් හා චෝදනාව ගොනුවන පාර්ශවයන් නීතියෙන් වෙන් කිරීමට හෝ දුරස් කිරීමට වඩා
එක් කිරීමට අවශ්‍ය විධිවිධාන වලින් නිතිය ශක්තිමත් කලයුතු බවයි..එමෙන්ම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට
අනුබල දෙන,ඒවා
දිරිමත් කරන මාධ්‍යකරණය හා වෙනත් ප්‍රචාරක මාධ්‍ය වලට එරෙහිව පියවර ගැනීමේ බලතලද
මෙම පණතට එක් කලයුතුය,.එසේ විද්‍යුත් හා සමාජ මාධ්‍ය වලින් ගෘහස්ථ හිංසනයට අනුබල දීමේ
චෝදනාව එම පණතෙන් ගොනු කිරීම තුලින් හිංසනය දිරි ගන්නවන බොහෝ පාර්ශවයන් ඉන් මිදෙනු
ඇත.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා
වෙනම උසාවියක් හා විනිසුරුවරුන් යෙදවීම වඩාත් යෝග්‍ය වේ.මෑත කාලය වනවිට ශ්‍රී
ලංකාවේ විශේෂයෙන් කොවිඩ් වසංගත කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී සිද්ධීන් සහ
දික්කසාද තත්වයන් වැඩිවී ඇති අතර ශ්‍රීලංකාවේ
දිනකට යුවල 300 ක් පමණ දික්කසාදය සඳහා
යොමුවන බව සඳහන් වේ (https://www.ikman.lankahotnews.com/2017/11/divorce-case.html).ඒවාට බොහෝ විට හේතුව විය හැක්කේ
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වන බව අපට නිගමනය කල හැකිය.එබැවින් රහස්‍යභාවයෙන් යුතුව ඉතා
ඉක්මනින් ගැටලුව විසඳා දරුවන් ඇතුළු පවුලේ සැමට සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම
වෙනුවෙන් ඉතා ඉක්මනින් එම නඩු විභාග කිරීමේ නීතිමය ප්‍රතිපාදන සැපයීම යෝග්‍ය වේ.
එමෙන්ම මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී නඩු විභාගයන් ඉතාමත්
ඉක්මනින් අවසන් කිරීමේ නීතිමය ප්‍රතිපාදන වැඩි දියුණු කළයුතු අතර මානව පවුල සමාජයේ
මූලිකම මෙන්ම සංවේදීම තැනුම් ඒකකය බැවින් ඉතා ඉක්මනින් එකී නඩු විභාග කොට විසඳුම්
ලබාදීම යෝග්‍ය වේ.තවද ලාංකීය සමාජය තුල ආත්මාභිමානය පිළිබඳව දැඩි සංස්කෘතික
වටපිටාවක් ඇති බැවින් ගෘහස්ථ හිංසනයට ලක්වන වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ පැවැත්මට
හානියක් නොවන පරිදි මාධයෙන් නම් ප්‍රසිද්ධ වීම ආදී ප්‍රසිද්ධිය වළක්වාලන නීතිමය ප්‍රහිපාදන
වැඩිදියුණු වීම අනිවාර්ය වේ .
මෙම පණතෙහි නීතිමය විධිවිධාන අනූව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
හා බැඳුනු නඩුවක් ගොනුකළ හැක්කේ අදාළ වින්දිතයාට හෝ ඔහු වෙනුවෙන් පොලිසියට
පමණයි.වින්දිතයා එකී හිංසනයට ලක්වී සිටින විට ඔවුගේ මානසික මට්ටම හෝ බිය නිසා නීතිමය
ක්‍රියාමාර්ග ගැනීමට නොහැකිවීම නිසා දිගින් දිගටම හිංසනයට ලක්වීමේ සිද්ධීන් සමාජයෙන්
වාර්තා වී ඇති අතර ග්‍රාමීයව සිටින රාජ්‍ය නිලධාරින් වන සංවර්ධන නිලධාරීන්,ග්‍රාම නිලධාරින් ආදී
නිලධාරින් හරහා එවැනි හිංසන සිද්ධීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සිටින කාන්තා
කටයුතු හා ළමා කටයුතු සම්බන්ධ නිලධාරින් හරහා එවැනි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී සිද්ධි
වල වින්දිතයන් හට නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමේ නීතිමය ප්‍රතිපාදන තිබිය යුතුය.ගෘහස්ථ
හිංසන සිද්ධියකදී එසේ පහසුවෙන් නීතිමය ප්‍රවිෂ්ටයන් ලබාගැනීමට වින්දිතයන් හට
නොහැකිවුවහොත් ඔවුන්ගේ ජිවිත වලට පවා ඉන් හානියක් විය හැකිය.
තවද ගෘහස්ථ හිංසනය හා සබැඳි සිද්ධීන් පිළිබඳව
නීතිමය කටයුතු සිදුවන අතරතුරදී සහ ඉන් පසුවත් නඩු තීන්දුව කුමක් වුවත් අදාළ ප්‍රාදේශීය
ලේකම් කොට්ටාශයේ ළමා හා කාන්තා කටයුතු,ළමාරක්ෂක,මනෝ උපදේශන යන නිලධාරීන් හට
වින්දිතයන් සෘජුව නිරීක්ෂණය කිරීමේ හා ඔවුන්ගේ තත්වයන් පිළිබඳව පොලිසියට හෝ
අධිකරණයට වාර්තාවන් සැපයීමේ හැකියාවක් තිබිය යුතුය.එවිට ගුණාත්මක මානව සම්පතක් ලෙස
නැවත වින්දිතයන් හට සමාජගත වීමේ හැකියාවක් පවතී.එබැවින් ගෘහස්ථ හිංසනය හා සම්බන්ධ
නඩු කටයුතු වලදී ඒ සඳහා වින්දිතයාගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම සඳහා එක් ප්‍රාදේශීය
ලේකම් කොට්ටාශයකට නිලධාරියෙක් බැගින් හෝ
පත්කිරීමට පණත මගින්ම ප්‍රතිපාදන සැකසිය යුතුය.
තවද ආර්ථික ක්‍රියාවලිය තුල ගෘහීය හිංසනයට
ලක්වන තත්වයන් හා මානසික ප්‍රචණ්ඩත්වයට ලක්වීම පිළිබඳව පුළුල් අර්ථකතනයන් සහිතව
පණත සංශෝදයනය කිරීම වැදගත් වේ.වෙනස්වන සමාජය හා සමාජීය පර්යේක්ෂණ වල නිගමනයන්ට හා
නිර්දේශයන්ට අනූව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී නීති වෙනස් විය යුතුය.නව තාක්ෂණික
සහයෝගය ලබාගනිමින් මෙම නඩු කඩිනමින් විසඳීම සඳහා සියළුම සම්පත් දායකයින්ගේ සහයෝගය
කඩිනමින් ලබාදිය යුතු බවට පණතෙහි සඳහන් කළයුතුය.ගෘහස්ථ හිංසනය සම්බන්ධ නඩු ක්‍රියාත්මක
වීමේදී පොලිසියේ සහ එම පාර්ශවයන්ගේ ප්‍රමුඛත්වය එම නඩු වලට ලබාදීම පිළිබඳව නීති සංශෝදනය විය යුතුය.
තවද චූදිතයා හෝ වැරදිකරුට දඩුවම් දීමට හෝ වෙනත්
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර හැකිතාක් බේරුම්කරන ,සමථකරණ ක්‍රියාවලියකට යොමු
කිරීම අතිශයින් වැදගත් වන අතර විශේෂයෙන් මෙම සමස්ථ කක්‍රියාවලිය සඳහා මනෝ උපදේශන
නිලධාරින් හට මැදිහත්වීමේ හැකියාව ඇතිවන පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුල් කිරීම යෝග්‍ය
වේ .
තවද ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුල පමණක් නොව
බොහෝ රාජ්‍ය අංශයේ සේවාවන් ලබාගැනීම සඳහා සේවාලාභින් හට දැඩි සංකීර්ණ ක්‍රියා
පිළිවෙතක් අනුගමනය කිරීමට සිදුවන අතර ඒ සඳහා කාලය,ධනය විශාල ලෙස වැය වන අතර ඒ සම්බන්ධ
දැනුමක් නොතිබුණහොත් තත්වය තවත් බරපතල වේ.අධිකරණ ක්ෂේත්‍රයේද මෙම තත්වය වෙනසක්
නොමැති අතර ගෘහස්ථ හිංසනයකට ලක්වූ විදිතයන් එම සිද්ධියට අදාලව පැමිණිලි ගොනු
කිරීමේදී හෝ නඩු ගොනු කිරීමේදී පවතින ක්‍රියාපටිපාටියේ අධික සංකීරණ බව නිසා
සේවාලාභින් දැඩි අපහසුතාවයට ලක්වේ.එබැවින් ගෘහස්ථ හිංසනයට ලක්වූවන් හට අදාළ නීතිමය
ක්‍රියාමාර්ග ගැනීම පහසු කරවීම උදෙසා දැනට තිබෙන තාක්ෂණික ගැටළු අවම කිරීම උදෙසා
අවශ්‍ය ප්‍රතිපාදන පණතට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ.
මෙම පණතෙහි නිතිමය ප්‍රතිපාදන යම්තාක් දුරකට
වැරදි කරුවන් හට දඩුවම් දීමට ප්‍රමාණවත් වන නමුත් පණතෙන් නීතිමය කටයුතු කිරීමට පෙර
බොහෝ විට එය පොලිසියේ මැදිහත්වීමෙන් තාවකාලිකව විසඳන නමුත් දිගින් දිගටම එය සාමාන්‍ය
තත්වයක් බවට පත්වෙමින් ක්‍රමිකව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය වර්ධනය වේ.ඇතැම්විට යුක්තිය
පසිඳලන ආයතනපවා මෙම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සබැඳි ගැටුම් පවුලක සාමාන්‍ය තත්වයක් ලෙස දකින
අතර එවිට ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම අපහසු වේ.ඇතැම් මහේස්ත්‍රාත්වරුන්
පවා මෙම ගෘහස්ථ හිංසනය සාමාන්‍ය පවුල් සංස්ථාවක සිදුවන සිද්ධියක් ලෙසට හුවා දක්වා
ඇති බව සදහන් වේ. කාන්තා සංවිධාන දක්වන පරිදි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙම පණත
මගින් රැකවරණ අපේක්ෂා කරනුයේ 1% වඩා අඩු කාන්තා ප්‍රතිශතයක් බවයි (https://www.opendemocracy.net/en/5050/domestic-violence-in-sri-lanka-power-of-alternative-discourse/).
තවද ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා බැඳී වැරදි සඳහා
දඩුවම් ලබාදෙන පණතට අදාළ නීති නිර්මාණය කිරීමේදී
·
මෙතෙක් විභාග වූ නඩු තීන්දු වල වැදගත්
අවස්ථා
·
මානව හිමිකම් සම්බන්ධ නව ප්‍රවණතා
·
වින්දිතයන් මෙන්ම චූදිතයන්ගේ හැසිරීම්
·
වසර ගණනාවක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා
සම්බන්ධ නඩු වල සංඛ්‍යාලේඛන
·
කාන්තාවන්,ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව එම ක්ෂේත්‍රයේ කටයුතු කරන රාජ්‍ය
නොවන සංවිධාන ආදියෙහි නියෝතයින්
ආදී විවිධ පාර්ශවල අදහස් හා දත්ත ලබාගැනීම ඉතා
වැදගත් වේ.
කෙසේ වුවද පිතෘ මූලික ආසියාතික සමාජයක ගෘහස්ථ
ප්‍රචණ්ඩත්වය හේතුවන් නීතිමය පිළිසරණක් සොයා එන කාන්තාවන් හෝ ළමයින් ඉතා අල්ප වන
අතර දැඩි සංස්කෘතික රාමුවකට කොටු වී සිටින මෙම රටවල් වල හිංසනයට ලක්කිරීම ගෘහ
මූලිකයාගේ අයිතියක් ලෙසද ඇතැම් කාන්තාවන් සිතයි.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින මෙම 2005
අංක 34 දරන පණත කාලීනව වෙනස් විය යුතුයි යන්න පැහැදිළිවම දැක්විය යුතු අතර නූතන ශ්‍රී
ලංකාව මුහුණදෙන දැඩි ආර්ථික පීඩනය හමුවේ එහි අවසන් පීඩිතයා බවට පත්වන්නේ ගෘහයේ
ජිවත් වන කාන්තාව හෝ ළමයින්ය.එබැවින් මෙකි අණපනත් නීති නිර්මාණය කිරීමේදී නූතන ප්‍රවණතා
හඳුනා ගනිමින් සමාජයට ගැලපෙන මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ මත,පර්යේක්ෂණ ඇසුරෙන් නීති යාවතාකාලින කිරීම අතිශයින්ම වැදගත් වේ .
අතුරු ආරක්ෂක හා ආරක්ෂක නියෝගයන් ගැනීම
සම්බන්ධයෙන් පවතින සීමාවන් හා තාක්ෂණික ගැටළු කඩිනමින් පණත තුළ යාවත්කාලින කිරීම
අත්‍යෂයින් වැදගත් වේ.කෙසේ වුවද මෙම පණතෙහි නීතිමය ප්‍රතිපාදන එක් අතකින්
යාවත්කාලින වනවිට මෙවැනි පණතක් තිබෙන බවත් සියළුම ආකාරයෙන් ගෘහය තුළ සිදුවන ප්‍රචණ්ඩ
ක්‍රියා සම්බන්ධයෙන් මෙමගින් නීතිමය රුකුලක් බලාපොරොත්තු විය හැකිය යන මතය සමාජගත
කිරීම අත්‍යවශ්‍ය වේ.විශේෂයෙන්
- · නීති ආධාර දෙන කණ්ඩායම්
- · ළමයින් හා කාන්තාවන් සම්බන්ධ රාජකාරී කරන නිලධාරින්
- · ගම් මට්ටමින් සිටින රාජ්‍ය නිලධාරින්
- · රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරීන්
දැනුවත් කිරීම වැදගත් වන අතර පණත කොතරම්
ශක්තිමත් ලෙස තිබුණද එම පණතෙන් නීතිමය පිළිසරණක් ලබාගැනීමට තරම් දැනුමක් සමාජය තුල
තවමත් ස්ථාපිත වී නැති අතර ලාංකික සංස්කෘතිය තුල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තවමත්
සංස්ථාපිත සාමාන්‍ය දෙයක් බවට පත්වීම් ඇත..එම මතය හා සමාජ කථිකාවත වෙනස් නොකට
නීතිමය ප්‍රතිපාදන කොතරම් දැඩි කලද ප්‍රයෝජනයක් නොමැති අතර පවුල් සංස්ථාවක ප්‍රශ්න
ගැටළු ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සිදුවී නීතිමය ක්‍රියාවලිය සඳහා ඇතුලත් වූ පිරිස ද
හැකි සෑමවිටම නැවත පවුල් සංස්ථාවට එකතු කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතුය.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය
නිසා අවසානයේ අසරණ භාවයට පත්වන්නේ ගෘහයේ සිටින දරුවන් වැනි යැපෙන්නන්ය.
මෙම පණත සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රී ලංකාවේ
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අතිශයින්ම මන්දගාමී වන අතර දැඩි තාක්ෂණික ක්‍රියා
පටිපාටි හා ක්‍රියාවලිය නිසා මිනිසුන් නීතියේ පිළිසරණ අපේක්ෂා නොකරයි.පවුලේ
පැවැත්ම,දරුවන්ගේ අනාගතය ආදී කරුණු පිළිබඳව සිතා බොහෝ
පාර්ශවයන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ සිද්ධීන් පිළිබඳව දැඩි අවදානයක් යොමු
නොකරයි.කෙසේ වුවද සැමට සර්ව සාධාරණ අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සමාජයේ මූලික
තැනුම් ඒකකය වන පවුල ආරක්ෂා කරගැනීම උදෙසා ගෘහස්ථ හිංසනය හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව පණත කාලානුරුපිව සංශෝධනය විය යුතුයි.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
·
2005 අංක
34 දරණ ගෘහස්ථ හිංසනය වැලැක්වීමේ පණත
·
කොඩිකාර චූලණි,2013,බත ඉදෙනකල් විතරද?,ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව පණත,පවුල බැඳී මතවාදයන් සහ
ලංකාවේ සංස්කෘතික කථිකාවත,සී/ස කරුනාරතන සහ පුත්‍රයෝ
·
චිකල්ප ප්‍රතිපත්ති කේද්‍රය,2020,ලිංගිකත්වය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්
වූ ප්‍රචණ්ඩත්වය මැඬලීමට නීති ප්‍රතිසන්සකරණය,

Comments
Post a Comment