ආගම කුලය සහ විවාහය

ආගම කුලය සහ විවාහය ශ්‍රී ලාංකික සමාජ සංස්ථාව තුළ අසත්පර්ශනීය කුල ලෙස නොතිබුණද කුලය ශ්‍රී ලංකාව වැනි දකුණු ඈසියාතික රටවල දැවැන්ත සමාජීය මිනුම් දණ්ඩක් ලෙසින් අදටත් භාවිතා කරයි.විශේෂයෙන්ම පුද්ගල ජීවිතයේ සාමාන්‍ය අවස්ථාවන්හිදී කුලය යන සාධකය ප්‍රධාන වශයෙන් බලපෑම් නොකළ ද විවාහ ගිවිස ගැනීමක දී කුලය යන සාධකය ඉතා වැදගත් ස්ථානයක් ලබා දී තිබේ. යාපනයේ ද්‍රවිඩ කුල ධූරාවලිය අතිශයින් අමානුෂික ධූරාවලියක් ලෙස යමෙකුට තර්ක කළ හැකි අතර එම සියලුම දෙනාට එකම ආපනශාලාවක අහාර ගැනීමට පවා හැකි වී තිබෙන්නේ මෑත ඉතිහාසයේදීය..එමෙන්ම යාපනයේ පහත් යැයි සම්මත කුලවල දරුවන්ට අධ්‍යාපනය පවා ලබා ගැනීමට හැකිවී තිබෙන්නේ මෑත ඉතිහාසයේ සිට ය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිංහල සමාජය තුළද තුළ විවාහය යන කාරණාවේදී කුලය දැඩි ලෙස බලපෑමක් එල්ල කරන අතර දික්කසාදයක් පිළිබඳව කරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලදී කුලය හා සම්බන්ධ ගැටලු නිසා දික්කසාද වූ අවස්ථා ද අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික සමාජයන්යන්හී කුලය යන සාධකය සමාජය තත්ත්වය තීරණය කරන සාධකයක් ලෙස තවමත් මුල් බැස ගෙන ඇත්තේ ඇයි දැයි ඇයිදැයි සංවාද කළ යුතුය...මෙහිදී අපගේ තර්කය විය යුත්තේ අතීතයේ දී ශ්‍රී දී ශ්‍රී ලාංකික සිංහල කුල ක්‍රමය නිර්මාණය වී තිබුණේ අනෙකුත් කුලවලට සාපේක්ෂව වෘත්තීමය පදනමක් මතය ... නමුත් වර්තමානය තුළ කුලය අනුව වෘත්තියක් තීරණය වන පසුබිමක් නොමැති අතර එවන් තත්ත්වයකදී වුවද වුව ද කුලය යන සාධකය ජීවිතයේ ඇතැම් අවස්ථාවන්හිදී පුද්ගලයාට දැඩි ලෙස බලපෑම් කරන ආකාරය පිළිබඳව විමර්ශනයක් මතු ව අධ්‍යයනය කිරීම අතිශයින් වැදගත් වේ.ලෝකය දිනෙන් දින දියුණු වෙද්දී ශ්‍රී ලාංකික සමාජය තවමත් සාම්ප්‍රදායික කුල ධූරාවලිය කරපින්නාගෙන යන ආකාරයක් දක්නට ලැබේ. සමාජ විද්‍යාව, සමාජ වැඩ ආදී විෂය ක්ෂේත්‍රයන් තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින් කුලය යන සාධකය පිළිබඳව කොතරම් සමාජ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ ද නූතන සමාජය තුළ ඇතැම් විට මිනිසා දැඩි පීඩනයට ලක්වන මෙම කුල සාධකය තවමත් ඉවත් වී නැත්තේ ඇයි දැයි යන්න පිළිබඳව මෙන්ම පිළිබඳව මෙන්ම වර්තමානය තුළ කුලය යන සාධකයට සමාජ සංස්ථාවේ කාර්යභාරයක් තිබේ ද යන්න පිළිබඳව අධ්‍යනය කිරීම වැදගත් වේ...

Comments

Popular posts from this blog

2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පණතෙහි ඇතිවිය යුතු වෙනස්කම්